මීට වසර දෙකකට පමණ ඉහතදී ඉන්දියාවේ සිටඔස්ට්රේලියාවේ සරණාගභාවය පතා යමින් සිටියදී අනතුරකට ලක්ව එක්සත් අරාබි එමීර් රජයේ වරායක් තුළ සරණාගතයින් සිට රැදී සිටි ශ්‍රී ලංකා ජාතිකයන්ගෙන අවසන් හත් දෙනාට බ්‍රසීලයේ පුරවැසි භාවය ලැබී තිබෙන බව එක්සත් අරාබි එමීර්හි ද නැෂනල් පුවත් සේවය ඊයේ (12දා) වාර්තා කළේය.
අනතුරට ලක්ව සිටි සරණාගතයින් පිරිස සිංගප්පූරු නැවක් විසින් බේරාගෙන තිබුණ අතර ඔවුන් මෙම සරණාගත පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට භාරදී තිබුණි.
සමස්ත සරණාගතයින් පිරිස 45ක් වූ අතර මිට ඉහතදී එම සරණාගතයින් අතරින් 38 දෙනෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකාව, ස්වීඩනය හා ෆින්ලන්තයේ පුරවැසි භාවය ලබා දී තිබුණි.