යුද්ධය හේතුවෙන් අවතැන් වූ ශ්රී ලංකා සරණාගතයින් 100000කට අධික පිරිසක් තවමත් ඉන්දියාවේ සිටින බව ද හින්දු පුවත් සේවය සඳහන් කරයි.
මේ අතරින් බොහෝ පිරිසක් තවමත් ඉන්දීය පොලීසියේ මැදිහත්වීම මත සරණාගතයින් ලෙස ලියාපදිංචි වී නැති බවත් එම පුවත් සේවාව පවසයි.
මෙම සරණාගතයින් සඳහා ඉන්දියානු රජය වර්ශයකට වෙන්කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 667 (රුපියල් කෝටි 1474) කි.
කෙසේ වෙතත් නිසි සැලසුමක් යටතේ මොවුන් නැවතත් ශ්රී ලංකාවට පැමිණිමට සූදානම් බවද හින්දු පුවත් සේවය පවසයි.