ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලංකා සරණාගතයින්ගෙන් 67%ක්ම නැවතත් ශ්‍රී ලංකාවට පැමීණීමට අකමැත්තෙන් පසුවන බව ඔවන් යොදාගනිමින් කරපු සමීක්ෂණයකදී හෙළිවී තිබේ.
මුම්බායිහි ටාටා සමාජ විද්‍යා ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙන අතර ඒ සඳහා පවුල් 520ක් යොදාගෙන තිබේ. එයින් 23%ක් පමණක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශකර තිබේ. එසේම එයින් 4%ක් තෙවන රටකට යාමට සූදානමින් සිටියි.
ශ්‍රී ලංකාවට පැමීණීමට සූදානම් පිරිසෙන් 48.2%ක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ජීවත්වීම සඳහා තෝරාගෙන තිබෙන්නේ මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්ක බවද මෙම සමීක්ෂණයේදී අණාවරණය වී තිබේ.
ද හින්දු ඇසුරෙනි