මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෘත්තිකයන්ගෙන් පමණක් සැදුම්ලත් ශ්රී ලංකා සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය අද (04දා) සිට දේශපාලන කටයුතු ආරම්භ කළ බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය රෝහණ මහා ලියනාරච්චි මහතා සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමස්ත ලංකාවම නියෝජනය කරමින් මැතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
දේශපාලඥයන්ගෙන් තොර ලංකාවේ එකම පක්ෂය මෙය බවත්, වෘත්තිකයන්ට, මහාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට පක්ෂය විවෘත බවත් පක්ෂය එළිදැක්වීම සඳහා අද (04දා) පැවැති විශේෂ උත්සවයේදී සභාපතිවරයා සඳහන් කළේය.