ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත්කර ඇති මලික් ජයතිලක මහතා අද (21දා) පෙරවරුවේ සුබ මොහොතින් රාජකාරි ආරම්භ කළේය.
ප්‍රකට ලේඛකයෙකු වන මලික් ජයතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ මලික් ජයතිලක මහතාට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.