එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපේක්ෂකයකු නම් කර නොමැති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් මේබව පවසයි. "අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමන් කිසිදු එකඟතාවයක් ප්රකාශ කර නොමැත," බව එහි සදහන්ය.