ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්රී ලංකා ධීවරයන් නිදහස් කරන ලෙස ඉන්දීය ධීවරයන් ඉන්දීය රජයටත්, තමිල්නාඩුවටත් දැනුම්දී තිබේ.
ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවර යාත්රා නිදහස් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත වී සිටින ධීවර පිරිස විසින් මෙම ඉල්ලීම කර ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත් සේවය පැවසීය.
මේ වන විට ශ්රී ලංකා ධීවරයන් 82 ක් හා ඔවුන්ගේ යාත්රා 15 ක් ඉන්දීය අත්අඩංගුවේ පවතින බවද එම පුවත්සේවය පවසයි.