ශ්‍රී ලංකා ධඡය සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට විශ්වාස කරන බවත් රොයිටර්ස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
මෙම නෞකාව අනතුරට පත්වූ බවට ඇමතුමක් ලැබීමෙන් පසුව එය සෝමාලියානු මුහුදු සීමාව වෙත ගමන් කර ඇති බවට තොරතුරු අණාවරණය වී තිබේ.
යම් හෙයකින් මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූවානම් එය 2012 වසරෙන් පසුව සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ප්‍රථම වාණිජ නෞකාව වෙනු ඇති බව එම පුවත් සේවා වාර්තා කරයි.
ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමැති මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ගමන් කර තිබේ. නැව පිළිබඳව සත්‍ය තොරතුරක් දැන ගැනීමට හිටපු බ්‍රිතාන්‍ය කර්නල්වරයෙකු මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධවීමට උත්සාහ දරමින් සිටින බවත් එම පුවත් වාර්තා කරයි.
නෞකාව ඊයේ දිනයේදී කුඩා යාත්‍රා දෙකක් පසුපස ගමන් කර තිබෙන බවට මූලික විමර්ශන වලදී තොරතුරු වාර්තා වී තිබේ.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන වොයිස් ඔෆ් ඇමෙරිකා පුවත් සේවය තොරතුරු වාර්තා කරන්නේ අදාළ නොෟකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධඡය සහිතව ධාවනය කර ඇති බවයි.