එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා ජිනීවා වෙත ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ (13දා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හමුවිය.
පසුව ද්විපාර්ශ්වීය සාකච්ඡාද පැවැත්විණි. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දිනයේදී මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.
.jpg)