ශ්‍රී ලංකා ගුවන් කලාපයේ ඉන්දීය හෙලිකොප්ටර් මෙහෙයුමක්
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානා දෙකක නියමුවෝ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් අද (09දා) පෙර පුහුණුවක නිරත වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන 12දා කොළඹ සිට වතුකරයට පැමිණීමට නියමිත හෙලිකොප්ටර් යානා දෙකෙහි නියමුවෝ මෙම පෙර පුහුණුවට සහභාගී වූහ.
ඉන්දියානු රාජයේ ආධාර යටතේ හැටන් දික්ඔය මුලික රෝහලේ ඉදිකරන ලද අංගසම්පූර්ණ රෝහල් සංකීර්ණය ඉන්දියානු අගමැතිවරයා විසින් විවෘත කිරීමට නියමිතය.
එදිනම නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී ඔහු විසින් වතුකරයේ ජනතාව ඇමතීමටද කටයුතු යොදා තිබේ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන කතාව සිංහල දමිළ සහ හින්දි යන භාෂා ති‍්‍රත්වයට පරිවර්තනය කිරීමටද නියමිතය.
මේ පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා කි්රෂ්ණන්, ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් (යාපනය) ඒ.නඩරාජන්, ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙකු හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

