ශ්‍රී ලංකා ජාතික කොඩිය ගිනි තැබීමට දැරූ උත්සායහක් ඉන්දීය පොලීසිය විසින් ව්‍යර්ථ කර තිබේ.
ඊයේ (10දා) තමිල්නාඩුවේ කොයිම්බටෝර්හිදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර ඒ සඳහා සම්බන්ධ වූ හය දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම පුද්ගලයින් පසුව නිදහස් කර තිබේ. ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම ලබාදීමට එරෙහිව මෙසේ ශ්‍රී ලංකා කොඩිය ගිනි තැබීමට අදාළ පුද්ගලයින් සූදානම් වී තිබේ.