මැලේසියාවේ ගණිකා වෘත්තියේ යෙදී සිටි ශ්‍රී ලංකා කාත්තාවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මැලේසියාවේ ජොහෝර් පොලීසිය ජනවාරි මස සිට දෙසැම්බර් 20දාට වැටලීම් 10300 ක් සිදුකර තිබෙන අතර එයින් මැලේසියාවේ ගණිකා වෘත්තේ යෙදුණ දේශීය හා විදේශීය කාන්තාවන් 2986ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතරින් හය දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ වෙති. මැලේසියානු කාන්තාවන් 102, චීනා කාන්තාවන් 627, වියට්නාම කාන්තාවන් 1341, තායිලන්ත කාන්තාවන් 555, ඉන්දුනීසියානු කාන්තාවන් 229, කාම්බෝජියා කාන්තාවන් 13, පිලිපීන කාන්තාවන් 62, මියන්මාරර් කාන්තාවන් 16, එක් සිංගප්පරු කාන්තාවක්, ඉන්දීය කාන්තාවන් 29, එක් වෙනිසියුලානු කාන්තාවක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.