තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී ක්‍රිකට් තරගාවලියක් සඳහා සම්බන්ධවීමට පැමිණි ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක් චෙන්නායි වලින් ආපසු හරවා එවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වයස අවුරුදු 15න් පහළ 16 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමක් මෙසේ ආපසු හරවා තිබෙන්නේ ආරක්ෂාව පිළිබඳව වන ප්‍රශ්නයක් හේතුවෙන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අවුරුදු 15න් පහළ පෞද්ගලික මට්ටමින් පවත්වන ක්‍රිකට් තරගාවලියක් වන මෙම තරගාවලිය අද (04දා) සිට 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.