සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොෂ් ෂා කොට්ලා ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රිඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 373කට දැවී ගියේය.
දිනේෂ් චන්දිමාල් ලකුණු 164ක් රැස්කළේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111ක් රැස්කළේය. වෙනත් කිසිඳු ක්රිඩකයෙකුට ලකුණු 50 සීමාව පසුකර යෑමට නොහැකිවිය. ලකුණු 163ක වාසියක් සමගින් ඉන්දියාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය.