ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත පුහුණු ඉඩ ප්රස්ථා ඉදිරියේදී වැඩි වශයෙන් ලබාදීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන බවත්, සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේම ආරක්ෂක අංශ මනා අවබෝධයකින් කටයුතු කිරීමේ වැදගත්කමත් ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහ මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේ පැවැසීය.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා වයි.කේ. සිංහ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද (19දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාව සමඟ පවතින මිත්‍රත්වය පිළිබඳව කරුණු දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ඉන්දීය රජය මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදෙන සහාය අගය කළේය. ඉදිරියේදී ද ශ්‍රී ලංකාවෙන් ලබාදිය හැකි ආරක්ෂක අංශයන්ට අදාළ පුහුණු ඉඩ ප්රස්ථා වැඩිකිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා , ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහ මහතා හමුවේ පැවසීය.