ශ්‍රී ලංකා ආර්ථික විශේෂඥයන් සහ ආසියානු ආයෝජකයන් හමුවන දෙවැනි, ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට (16 දා) හොංකොං හිදී ආරම්භ වේ.
සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසිනි. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආර්ථික විශේෂඥයන් රැසක් ඊට සහභාගීවීමට නියමිත ය.