ශ්‍රී ලංකන් ගුවන් සේවය හා මිහින් ලංකා ගුවන් සේවය ගැන සෙවීම සඳහා ජනපති කොමිසමක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවකදීය.
මහ බැංකු බැඳුම්කර කොමිසම සම්බන්ධ වාර්තාව එළිදැක්වීමෙන් අනතුරුව නව කොමිසම පත්කිරීමට නියමිතය. මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් වන වාර්තාව දෙසැම්බර් 31 දා ප්‍රකාශයට පත්කරන බවයි.