ශ්රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවා පිළිබඳව සේවීමට පත්කරන ජනපති කොමිසම ලබන ජනවාරි මාසයේදි පත්කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ජනවාරි පළමු සතියේදී එය පත්කරන බවද ජනපතිවරයා කඩුවෙලදී පැවැති ජන හමුවකදී අද (24දා) ප්රකාශ කළේය.
ශ්රී ලංකාවේ වංචාව, දූෂණය, නාස්තිය අවම කිරීම සඳහා රටේ නායකයා ලෙස උපරිම ක්රියාමාරග ගත් බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.