ශ්රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 21 ක් දක්වා පසුගිය වසරේ ඉහළ ගොස් ඇති අතර, එය පෙරව ර්ෂයේ පැවති බිලියන 19 ක ශුද්ධ අලාභයට වඩා උග්රවැඩිවීමකි. පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සමාගමේ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.
සමාගමේ ආදායම පෙර වර්ෂයට වඩා වැඩි වුවද, වියදම් වැඩිවීම නිසා මෙකී අලාභය සිදු වී ඇත.
දැඩි ඉන්ධන මිල ඉහළයාම, යුරෝපා ආර්ථිකයේ අහිතකර තත්ත්වය සහ සමාගමේ සිදුකළ දීර්ඝකාලීන ආයෝජන නිසා මෙම වියදම ඉහළගොස් ඇත.
කෙසේවෙතත් සමාගම සතු පැරණි ගුවන් යානා ඉවත්කර ඒ සඳහා නව ගුවන් යානා යෙදවීමටද දැනටමත් සැලසුම් කර ඇත.