සිංගප්පූරුවේ සිට කොළඹ බලා පිටත් වූ ශ්රී ලංකන් ගුවන් යානාවක් ආරක්ෂක හේතූන් මත නැවතත් සිංගපූරු ගුවන් බලධාරීන් විසින් ආපසු කැඳවා තිබේ.
කෙසේ වෙතත් ගුවන් යානාවා පැය තුනක ප්රමාදයකින් පසුව නැවතත් කොළඹ බලා අද පිටත්ව ආවේය.
සිංගප්පූරු ගුවන්තොටුපළ පොලිස් අංශය විසින් ගුවන් යානාවේ සිටි මගීන් කිහිප දෙනෙකුගෙන් ප්රශ්න කළ බවත් සියලුම ගුවන් මලු නැවත පරීක්ෂා කළ බවත් ශ්රී ලංකන් ගුවන්සේවය සඳහන් කරයි.
එම ගුවන්යානාවේ සිට මගීන් පස්දෙනෙකු තවදුරටත් සිංගප්පුරු පොලීසිය විසින් රඳවාගෙන ප්රශ්න කරන බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.