කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව යාමට නියමිතව ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා කීපයක් ඊයේ (25දා) රාත්‍රියේ සහ අද (26දා) උදෑසන නියමිත වේලාවට පිටත් නොවීම හේතුවෙන් ගුවන් මගීහු දැඩි දුෂ්කරතාවට පත් වූහ.
අදාළ ගුවන්යානාවල හටගත් කාර්මික දෝෂ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.
මේ හේතුව නිසා මගීන්ට පැය 08කට අධික කාලයක් ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට සිදුවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත් වූහ.
මෙම සිදුවීමත් සමග ගුවන් මගීන් සහ බලධාරීන් අතර නොසන්සුන්තාවක් ද හටගත් බව ගුවන්තොටුපොළ බලධාරියෙක් පවසා සිටියේය.
සීදූව විශේෂ ප්‍රසාද් මුතුකුඩ