ලෝකයේ කිසිඳු ගුවන් සමාගමක් හෝ ගුවන් තොටුපොළක් මිලදී ගැනීම සඳහා එමිරේට්ස් ගුවන් සමාගමට කිසිඳු සැලසුමක් නොමැති බව එම ගුවන් සේවය පවසයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා එමිරේට්ස් ගුවන් සමාගමද ඇතුළුව ගුවන් සමාගම් කිහිපයක් සමග මේ වන විට නිල නොවන මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
ඩුබායි සිට ක්‍රියාත්මක එමිරේට්ස් ගුවන් සමාගමෙන් මේ පිළිබඳව අරාබියන් බිස්නස් පුවත්සේවය විමසා ඇති අවස්ථාවේදී එහි මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු ගුවන් සේවයක් හෝ ගුවන් තොටුපොළක් මිලදී ගැනීම සඳහා තම සමාගමට සැලසුමක් නොමැති බවයි.
එමිරේට්ස් ගුවන් සමාගම 1998 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 70කට මිලට ගත් නමුත් 2010 වසරේදී නැවතත් එය ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 53කට අලෙවි කළේය.