ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමට සහාය දක්වමින් එහි අධ්යක්ෂවරු හය දෙනෙක් සිය ඉල්ලා අස්වීම් බාර දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව ජාත්‍යන්තර උපදේශන ආයතයක් ලබාදුන් වාර්තාවක් අනුව මෙම ඉල්ලා අස්වීම් ලබා දී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව ක්‍රියාවලිය සිදුකරමින් තිබේ.