අනුරාධපුර පූජා නගරයට පිවිසෙන සිංහ කණුව අසල ශ්‍රී මහා බෝධි මාවත දෙපස අද (04දා) දහවල් කාලයේ ඇති වූ හදිසි ගිනි ගැනීම් තත්ත්වයක් පාලනය කර, නිවා දැමූ බව අනුරාධපුර මහ නගර සභාවේ ගිනිනිවීම් ඒකකයේ නිලධාරීහු පැවසූහ.
ශ්‍රී මහා බෝධි මාවතේ වෙල්යායේ තැනින් තැන කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා ඇති අතර, එම ගින්න ව්‍යාප්ත වීමෙන් මාර්ගය දෙපස ඇති ඇහැටු ගස් කිහිපයක් ගිනි ගැනීමට ලක්ව තිබූ බව නිලධාරීහු පැවසූහ.
වසර ගණනාවක් පැරණි ඇහැටු ගස්වල මුල කොටසින් කඳ දක්වා ගින්න පැතිර ගොස් තිබූ අතර, ගින්න මැඬ නොපැවැත්වූ නම් එම මාර්ගය භාවිතය කිරීමට නොහැකි ලෙස අවහිර බවද නගරවැසියෝ පවසති.