සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන්වීමත් සමගම හිසතෙල් ගෑමේ නැකතින් පසුව ශ්රී පාදස්ථානය වැඳ පුදාගැනීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ (16දා) සිට පැමිණෙමින් තිබේ. ඊයේ පමණක් ශ්රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණි පිරිස ලක්ෂයකට ආසන්න බව නල්ලතන්නි පොලීසිය පවසයි.
දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම සහ දුම්රිය ඒකාබද්ධ ප්රවාහන සේවාවක් ක්රියාත්මක වෙයි.
එළඹෙන වෙසක් පොහෝ දිනෙන් 2013/2014 ශ්රී පාද වන්දනා සමය නිමාවෙයි.