මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මස උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ (06දා) ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ රැගත් පෙරහර දෙසැම්බර් මස 05 දා පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිත බවද ධම්මදින්න හිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ අද (28දා) පැවැති දැනුවත් කිරීමේ හමුවකදීය.