ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි
මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2017/ 2018) උඳුවප් පුන් පෝය අද (03දා) දින සිට ආරම්භ විය.
අවාර සමයේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත්කර තිබූ සඳාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ඓතිහාසික රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කිරීම ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිව පෙරහැර තුනකින් ඊයේ (02දා) අළුයම යෙදුන සුභ නැකත් අනුව ප්‍රර්ණ රාජ්‍ය ගෞරව සහිතව ග ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කිරීම සිදු කෙරිණි.
ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, හැටන්, මස්කෙළිය හරහා පැමිණි රිය පෙරහැර හා බලන්ගොඩ, බගවන්තලාව හරහා ගමන්ගත් පෙරහැර නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත ඊයේ (02දා) රාත්‍රී 10.30 ට පමණ දහස් ගණනනක් බැතිමතුන්ගේ පුද පූජා මධ්‍යයේ ළඟා විය.
පෙරහැර රාත්‍රී 11.30 ට පමණ පංචතූර්ය නාඳය මැද්දේ ශ්‍රීපාදස්ථානය වෙත පාගමනින් වැඩම කිරීම ආරම්භ විය. නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පෙරහැර හා රත්නපුර, පළාබද්ගල රජ මාවත ඔස්සේ පැමිණි පෙරහැර ශ්‍රීපාද උඩ මළුව වෙත ළඟා වූයේ අද අළුයම් කාලයේය.
උඳුවප් පුන් පෝය (03) දා අළුයම යෙදී තිබූ සුභ නැකත් අනුව ශ්රීපාදස්ථානාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣජායනා මධ්‍යයේ චාරිත්‍රානුකූලව ශ්‍රීපාද පත්මය සුවඳ පැනින් දෝවනය කිරීමෙන් අනතුරුව ඓතිහාසික ශ්‍රීසුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කිරීම සිදු කෙරිණි.
ගාමිණී බණ්ඩාර ඉලංගන්දෙණිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


