ශී්ර පාද වන්දනාවේ පැමිණි පිරිසක් ශී්ර පාද මළුව වැඳපුදාගෙන හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා ගමන් කිරීමේදී මහගිරිදඹ ප්රදේශයේදී පය ලිස්සා වැටීමෙන් අවුරුදු 82 ක මහලු අයෙක් එම ස්ථානයේදීම මියගොස් තිබේ. තවත් තිදෙනෙක් තුවාල ලබා මස්කෙළිය සහ දික්ඔය මූලීක රෝහලට ඇතුළත් කර ඇත.
අද අලුයම තුනට පමණ මෙම අනතුර සිදු වී තිබේ. අනතුරින් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කළ 55 හැවිරිදි කාන්තාවකගේ තත්ත්වය බරපතළ බැවින් ඇය මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන නල්ලතන්නි පොලීසිය පවසයි.