ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවෙක් අද (24) අළුයම මිය ගොස් ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ, බැද්දේගම දකුණ, ගනේගම, ගල්මවත්ත පදිංචි හැත්තෑහතර හැවිදිරි ඩී.කේ.ආරියරත්න නැමති අයෙකි.
මිය ගිය අය නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය වැද නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී ජපන් සාම චෛත්‍ය අසලදී හදිසියේ රෝගාතුර වී මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක