පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රමදානයක් අතරතුර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
තුවාල ලැබූ සිසුන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද කියැවෙයි.
ශ්‍රමදානය අතරතුර ඇති වූ වාදයක්, බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් අවසානයේ එය ගැටුමක් දක්වා පෙරළී ඇති බව පොලීසිය කියයි.