ඉදිරි සති දෙක තුන තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්සමහරුන්ට තිත්ත විය හැකි,ශක්තිමත් ආර්ථික හා දේශපාලන තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
රාජ්‍ය‘යේ වියදමට වඩා රාජ්‍ය ආදායම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මෙම තත්ත්වය කඩිනමින් වෙනස් කරගත යුතු බවත් ඔහු පවසා සිටියේය.
රට ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස ආර්ථික වශයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (23දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් ශක්තිමත් වීම සඳහා දේශපාලන තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි.
ගෙවීගිය වසර දෙකක කාලය ගතහොත් සතුටු විය හැකි කාරණා හා සතුටු විය නොහැකි කාරණා ඇතැයිද ඔහු කීය.
අසතුටු විය හැකි කාරණා ගතහොත් අපනයන ආදායම වැඩි වී නොමැති බවත්, ඒ නිසා අපනයන ආදායම වැඩි කිරීම සහ විදේශ ආයෝජන වැඩි කිරීම සඳහා රජය විසින් තීන්දු තීරණ ගත යුතු බවත් ඇමතිවරයා පවසා සිටියේය.
වසර දෙකක කාලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැමදේටම ඉඩ ලබාදී බලා සිට තමන්ගේ ප්රජාතන්ත්රවාදී ස්වරූපය ප්‍රදර්ශනය කළ බවත්, එහෙත් ජනාධිපතිවරයාබාරගත් රට තුළ ඉදිරි වසර හතරක කාලය තුළ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී තීන්දු ගැනීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම තීන්දු සමහරුන්ට තිත්ත විය හැකි බවත්, සමහරුන්ට හොඳ විය හැකි බවත් හෙතෙම පවසා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු තීරණ ගැනීමේදී ඇමති මණ්ඩලය පිළිබඳවද යම් යම් තීන්දු තීරණ ගත හැකි බවද ඔහු පවසා සිටියේය.
ආර්ථික තීන්දුව ගැනීම මීට පෙර සිදුකළා නම් හොඳ යැයි යම් යම් පිරිස් පැවසුවද, තීන්දු තීරණ ගැනීමේදී ඔහුගේ ස්ථාවරභාවය පිළිබඳ සිතිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ නිසා ඔවුන්ගේ ස්ථාවරභාවය තබාගෙන මිනිසුන්ගේ අවශ්‍යතා මත මෙම තීන්දු තීරණ ගතහැකි බවත්, එහෙත් එමගින් අටුව කඩා පුටුව සාදන්නා වැනි දෙයක් සිදු නොවන බවත් ඔහු පවසා සිටියේය.
ගෙවීගිය කාලයේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ සිටින දෙපාර්ශ්වයේම කණ්ඩායම්වලින් වැරදි සිදුව තිබෙන්නට හැකි බවත්, වැරදි වීම සාමාන්‍ය දෙයක් වන හෙයින් සාර්ථක වැඩපිළිවෙළක පවා යම් යම් වැරදි තිබෙන බවත් කී ඇමතිවරයා, මෙම තීන්දු හරහා ඒවා නිවැරදි කරගැනීමට හැකිවන බවද සඳහන් කළේය.