වෛද්‍යවරු නිසා විභාගය ලියයි
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටියදී ගම්පළ අටබාගේ ප්‍රදේශයේදී ඊයේ (14දා) රිය අනතුරකට ලක් ව තුවාල ලබා රෝහල් ගත කළ සිසුවියකට මහනුවර රෝහලේ වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය නිසා අද (15) දා නැවත විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාවිය.
ගම්පළ අටබාගේ හින්දු ජාතික පාසලේ ඉගෙනුම ලැබූ ආර්. තොෂිකා සිසුවිය මෙසේ අනතුරට ලක්වී තිබේ. රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය ගම්පළ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව එදිනම මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබේ.
එහිදී ඇයගේ හිසේ ශෛල්‍යකර්මයක් සිදු කර ඇති අතර එහිදී ක්‍රමයෙන් සුවදායක තත්ත්වයට ඇය විසින් තමාට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. ඒ අනුව මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ අද (15දා) විභාගයට පෙනී සිටීමට ඇයට අවස්ථාව ලැබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

