කාසල් වීදියේ කාන්තා රෝහලේ සේවය කරන තරුණ වෛද්‍යවරියකට අයුතු බලපෑමක් සිදුකළා යැයි කියන රෝහලේ සේවකයෙකුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
වෛද්‍යවරිය කළ පැමිණිල්ලකින් පසුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවඑම සේවකයාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය ලේකම්වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කටයුතු කර තිබේ.