ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රය පිළිබඳව මේ දිනවල වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා පැවැත්වූ වැඩ වර්ජනය හේතුවෙනි. නමුත් සයිටම් විරෝධය පමණක් නොව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් මෙවර මහ බැංකු වාර්තාව පරිශීලනය කිරීමේදී හඳුනාගත හැකිය.
එහදී එක් වෛද්‍යවරයෙකු සඳහා පුද්ගලයින් 1036ක් සිටීම, පුද්ගලයින් 1000ක් සඳහා පවතින ආරෝග්‍ය ශාලා ඇඳන් සංඛ්‍යාව 3.6 කි. එසේම පුද්ගලයින් 10000කට සිටින හෙද සේවක සංඛ්‍යාව 15.3කි. සෞඛය සඳහා රජයේ වියදම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1.6කි.