මාලඹේ සයිටම් (SAITM) ආයතනයට විරෝධය පළකළ වෛද්‍ය සිසුන්ට අමානුෂික ලෙස පහරදීම දැඩි ලෙස හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි. මෙය ඉතා පහත් ක්‍රියාවක් වන අතර, රජය හා ආණ්ඩුව සිදුකළ යුත්තේ නීතිය සාධාරණත්වය ක්‍රියාත්මක කරවීම බවත් මෙවැනි ක්‍රියා සිදුකරන්නන්ට විරුද්ධව වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් හෙට (25දා) දින පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී දැඩි තීන්දුවක් ගන්නා බවද ඔවුහු වැඩිදුරටත් දන්වා සිටිති.