වෛද්‍ය ශිෂ්‍යයන් සිදුකරන පන්ති වර්ජනය නිසා මේ වසරේ පළමු මාස 06 ක කාලය තුළදී වෛද්‍ය විද්‍යාල තුළින් සිදු කරන නව සොයාගැනීම් පරීක්ෂණවලින් 90% ක් ඇනහිට ඇතැයි වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය ශිෂ්‍යයන් තනි තනිව හා කණ්ඩායම් වශයෙන් මෙන්ම ආචාර්යවරුන් සමගද එක්ව පරීක්ෂණ කටයුතු සිදුකරන බවත්, රජරට වෛද්‍ය විද්‍යාලය තුළ මෙම කටයුතු ඉතා විශාල ලෙස සිදුවන බවත් එම සංගමයේ සාමාජික ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
වෛද්‍ය ශිෂ්‍යයන් පන්ති වර්ජනය කරන නිසා මේ වසරේ පළමු මාස 06 ක කාලය තුළ කිසිදු පරීක්ෂණ කටයුත්තක් සිදු වී නොමැති බවත්, ශිෂ්‍යයන් නොමැති නිසා ආචාර්යවරුන් හා හවුලේ සිදු කරන පරීක්ෂණ කටයුතු පවා නැවතී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මෙය ඉතාමත් නරක තත්ත්වයක් බවත්, මේ හරහා නව සොයාගැනීම් හා එතෙක් සිදුකළ නව සොයාගැනීම් පරීක්ෂණ කටයුතු සියල්ලම නැවතී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.