වෛද්‍ය ශිෂ්‍යයන්ට ලබාදුන් මහපොළ වාරික ප්‍රමාණය අඩුකර තිබෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
වෛද්‍ය ශිෂ්යයෙතුට සමස්ත අධ්‍යාපන කාලය තුළ වාරික 50ක් ලැබිය යුතු බවත්, එහෙත් එම ප්‍රමාණය මේ වන විට 40ක් දක්වා අඩුකර තිබෙන බවත් මෙම කමිටුවේ කැඳවුම්කරු, වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා සඳහන් කළේය.
සයිටම් අහෝසි කර ගැනීමට සිදුකළ අරගලවලට එරෙහිව මෙම පළිගැනීම සිදුකරමින් තිබෙන බවත්, මේ නිසා මෙම තීරණය පරාජයට පත්කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසා සිටියේය.
කුමන අරගලයක් සිදුකළත් වෛද්‍ය ශිෂ්‍යයෙකු වසර 05ක් අධ්‍යාපනය හැදෑරිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.