වෛද්‍ය සිසු පන්ති වර්ජනය නිසා 2018 දී වෛද්‍ය හිඟයක්
වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන් සියලුම දෙනාම පන්ති වර්ජනයක නිරත වන නිසා 2018 වසරේදී වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති වීම වළක්වාගත නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි.
මීට අමතරව වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමට සිටින උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා අනාගතයේ වෛද්‍ය ශිෂ්‍යයන් වීමට බලාපොරොත්තු වන සියලුම දෙනාටද එහි බලපෑම එල්ලවන බව එම සභාවේ සාමාජික වෛද්‍ය උපුල් ගුණසේකර මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව මූලික කරගනිමින් වෛද්‍ය ශිෂ්‍යයන් පන්ති වර්ජනය කිරීමට අමතරව විදේශ වෛද්‍ය අධ්‍යාපනය හදාරා වෛද්‍යවරුන් බවට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස්වලටද යම් ගැටලුවකට මුහුණදීමට සිදුව ඇතැයිද ඔහු පවසා සිටියේය.
එයට හේතු වී තිබෙන්නේ අදාළ විභාගය පැවැත්වීමේ කටයුතුවලින් වෛද්‍යවරුන් ඉවත්ව සිටීම නිසා බවද ඒ මහතා සඳහන් කළේය.
අදාළ ගැටලුව අවසන් වුවද අවසන් වසරේ ශිෂ්‍යයන්ට අවසාන විභාගයට මුහුණදීමට හැකියාව නොමැති බවත්, එයට හේතු වී තිබෙන්නේ අදාළ අධ්‍යයන කටයුතු සඳහා 80%කට ආසන්න සහභාගිත්වය අවශ්‍ය නිසා බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

