රත්නපුරේ ඉදිකිරීමට යෝජිත සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වහා ලබාදෙන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු පිරිසක් අද (21දා) බලංගොඩ - පඹහින්න මංසන්ධියේ විරෝධතාවක නිරතවූහ.
එහිදී අදහස් දක්වමින් සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මනෝජ් ආරියසේන මහතා පවසා සිටියේ, 2010 වසරේ සබරගමුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඉදිකිරීමට යෝජනාවී තිබුණද ඒ සඳහා මෙතෙක් කිසිදු බලධාරියෙකු කටයුතු නොකළ බවයි.
රෝහන වසන්ත