සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණය අද (04) අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විවශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනය සකස් කිරීමෙන් පසු මතු වූ ගැටලුව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග පසුගිය 01 දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවතිවිණි.
එම සාකච්ඡාව නම්‍යශීලිව හා සුබවාදීව පැවති බවත් වෛද්‍ය පත්වීම් ලේඛනයේ ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කර යළි සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකළේය.
නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වයෙන් පෙරේදා (02) සහ ඊයේ (03) දෙදින මෙම ලේඛනය සකස් කළ බව පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව වසා දමා තිබූ රෝහල් 37 ක් යළි විවෘත වෙන බව පෙන්වා දුන්නේය