නව රජය විසින් ලබා දෙන රුපියල් දස දහසේ වැටුප් වැඩිකිරීමට අමතරව වෛද්‍යවරුන් සඳහා රුපියල් දස දහසක්ද හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සඳහා රුපියල් තුන් දහසක්ද දීමනාවක් ලෙස ජූලි මස 01දා සිට ලබා දෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
තමා වෛද්‍ය සංගමය සමඟ මුදල් අමාත්‍යාංශයේදී රාත්‍රි දොළහ තෙක් සාකච්ඡා කොට අවසානයේ මේ තීන්දුවට එළඹි බවද ඇමැතිවරයා අනාවරණය කළේය. ඇමැතිවරයා මෙසේ සඳහන් කළේ අම්පාර මහ රෝහලේ නව කායික සහ මානසික පුනරුත්ථාපන ඒකකය, ළමා ආරක්ෂණ මධ්‍යස්ථානය (කුරුළු කැදැල්ල) සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිණි.