වේගයෙන් කඩා වැටෙමින් පවතින තෙල් මිලට මුක්කු ගැසීමක් ලෙස බොරතෙල් නිෂ්පාදනය අඩු නොකරන බව ඔපෙක් සංවිධානයේ මහලේකම් අබ්දල්ලා සලීම් එල්-බද්රි පවසයි.
"අපි තීරණයකට පැමිණියා. සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවේවි" ඔපෙක් සංවිධානයේ මහ ලේකම්වරයා ඩුබායි නුවරදී පවසා සිටියේය.
පසුගිය සිකුරාදා වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.62කටත් වඩා අඩු වූ අතර, එය 2009 වසරින් පසුව වාර්තා වූ පහළම අගය ලෙස සැලකෙයි.