ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කාර සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ පසුගිය රජය කාලයේදී බවත්, වර්තමාන රජය බලයට පත්වූ විට ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ආ බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
දෙරණ රූපවාහිනිමේ අංශත 360 වැඩසටහන හා ඊයේ (16දා) එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම තමන්ට තවමත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තර්ජන තිබෙන බවත්, ඇමෙරිකාවට හෝ බටහිර රටකට ගිය විට තමා විදුලිපුටුවට පවා ගෙන යා හැකි බවද ඔහු සඳහන් කළේය.
ඓසේම හිටපු ආරක්ෂක ලේකම්වරයා මිනී මෝරු ඇතිකළේදැයි දෙරණ රූපවාහිනිය අැසූ ප්‍රශ්ණයේදී ඔහු සදහන් කළේ, "මිනී මෝරු ඇතිකරන්නත් දක්ෂතාවය තියෙන්න ඕන ඒක ලේසි නෑ" (සිනාසෙමින්) යනුවෙනි.
එසේම බොදු බල සේනාව හා තමන් අතර සබඳතාවක් නැති බවත් ඔහු සඳහන් කළේය.