වෙසක් සතියේ ආරක්ෂාවට අතිරේක CCTV කැමරා
වෙසක් සතිය තුළ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා දැනට පවතින ආවේක්ෂණ කැමරා (CCTV) කැමරා පද්ධතියට අමතරව අතිරේක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, මීට අමතරව ආවේක්ෂණ කැමරා සවිකරන ලද විශේෂ රථ යොදා ගනිමින් ආරක්ෂාව සැලසීමට කටයුතු කරන බවත් පොලීසිය පවසයි.
මේ තුළින් මහජන පීඩා සිදුකරන පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.
කොළඹ නගරය තුළ ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ වෙසක් කලාප ලෙස නම්කර ඇති දියවන්නාව, චෛත්‍ය පාර, හුණුපිටිය ගංගාරාමය වැනි ප්‍රදේශයන්හි මහජනතාව හැසිරවීම සඳහා රථවාහන පාලනය සඳහා වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවනු ලබන අතර, මේ අනුව මාර්ග නීතී කඩ කරන රියදුරන්ට තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.
මේ වැඩ පිළිවෙළ යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර, විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර, උප නගර සහ ග්‍රාමීය ප්‍රදේශ තුළද ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.
වෙසක් සිරි නැරඹීම සඳහා කුඩා දරුවන් රැගෙන ඒමේදී එම දරුවන් කෙරෙහි වැඩි අවධානයෙන් පසු වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

