වෙයක් පෝය දෙකකින් බලය ගන්නා බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත් වෙසක් පෝය දෙකකින් නොව පෝය 20කින්වත් රාජපක්ෂවරුන්ට නැවතත් බලයට පැමිණිය නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වන එජාප රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"පෝය දෙකේ කතාව වෙනස් වෙලා. වෙසක් පෝය දෙකක් බවට පත්වුණා. මහින්ද මහත්තයෝ මැද මුලනට අපි ජනවාරි 8 උත්තරය දුන්නා. වෙසක් පෝය විස්සකින්වත් රාජපක්ෂලාට බලයට එන්න දෙන්නේ නෑ.
පළාත් පාලන හා පළාත් සභා මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරුන්ගේ බලකොටු සියල්ල් සුන්නද්දූලි වෙලා යනවා. අපි වෙන්ව ඡන්ද කළත් එක්ව ආණ්ඩු කරනවා. විස්සයි20 වෙනකම් මේ පාලනය ගෙනියනවා" යැයි ඔහු පැවැසීය