ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව යටතේ ගාල්ල හා බූස්ස බන්ධනාගාරවලින් සිරකරුවන් 20 දෙනා බැගින් සිරකරුවන් 40 දෙනෙකු අද (10දා) වෙසක් පොහෝදා නිදහස් කරන ලදී.
ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ, ප්‍රධාන ජේලර් වී.ආර් ප්‍රභාත් මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හා බූස්ස බන්ධනාගාර අධිකාරී එල්.පී.එම්. කරුණාරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර බූස්ස ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී සුරියවැව ගුණානන්ද හිමියන් විසින් බූස්ස බන්ධනාගාරයෙන් නික්ම යන සිරකරුවන්ට පිරිත් නූල් බැඳීමක්ද සිදුකරන ලදී.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්