වෙසක් කලාප ඇති මාර්ගයන් ආශ්රිතව වාහන නතර කර තබා මාර්ගය අවහිර කරන වාහන පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථාන වලට රැගෙන යන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වෙසක් කලාප ඇති මාර්ගයන්හි වාහන නතර කර තැබීමෙන් මාර්ගය අවහිර කිරීම මහජනතාවට මෙන්ම අනෙකුත් රියදුරන්ට සිදු කරන බාධාවක් බවද පොලීසය පවසයි.
පොලිස් භාරයට ගන්නා වාහන පොලිස් ස්ථානයට රැගෙන යන අතර ඒ සඳහා වැය වන මුදල රිය අයිතිකරුගෙන් අයකර ගන්නා බවත් පොලීසිය පවසයි.
බත්තරමුල්ල දියවන්නා වෙසක් කලාපය පවත්නා පොල්දූව හන්දියේ සිට පාර්ලිමේන්තු පාර ඔස්සේ ගමන් කර පාලම් 03, අපේගම පරිශ්රය අවට මෙන්ම කිඹුලාවල දෙසට දිවෙන මාර්ගය අවට වාහන නතර කර තැබීම සපුරා තහනම් බව පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.