වෙලේ සුදා විදේශගතව සිට මෙරටට එවූ හෙරොයින් රටපුරා බෙදාහැරීමට කටයුතු කළ සහ වෙලේ සුදා සතු ගිණුම පාලනය කළ බවට චෝදනා එල්ල වී සිටින සුරාෂ් අහමඩ් නමැත්තා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (01දා) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු දින 07ක රැඳවුම් නියෝග මත ප්රශ්න කරමින් සිටින අතර, ඔහු විසින් භාවිත කළ කාර් රථයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා විසින් මිලදී ගෙන තිබෙනා රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්ද පොලීසිය මේ වනවිට සොයාගෙන තිබේ.
වෙලේ සුදාගේ ප්රධාන ඒජන්තවරයෙකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයාට අමතරව වෙලේ සුදා මෙරටට එවා තිබෙනා හෙරොයින් බෙදාරීහැරීමට කටයුතු කළ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳව පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එමෙන්ම මුදල් විසුද්දි කරන පනතට අනුව වෙලේ සුදාට අයත්ව තිබෙනා පන්නිපිටිය, කහතුඩුව, මාදිවෙල, හෝකන්දර ප්ර‘දේශවල පිහිටා තිබෙනා නිවාස රාජසන්තක කිරීමටත් සැලසුම් කර තිබේ.