1818 නිදහස් අරගලය සිදුවී වසර 200ක් සම්පූර්ණ වීම සැමරීම නිමිත්තෙන් මොනරාගල දිස්ත්‍රික්කය සංවර්ධනය ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
මේ අනුව දිස්ත්‍රික්කය තුළ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම, මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය, පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය, කෘෂි ගොවිපොළ හා ග්‍රාමීය කර්මාන්ත නගාසිටුවීමට කටයුතු යොදා ඇත.
අදාළ රේඛීය අමාත්‍යංශවලට 2018 අයවැය යටතේ දැනටමත් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ඉහත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී.