රත්මලාන ගල්කිස්ස වෙරළ තීරයේ ජීවත්වන ප්රදේශවාසීන්ගේ නිවෙස් වෙරළ ඛාදනයට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳව රජයේ බලධාරීන්ට දැන්වුවද විසඳුමක් ලබානොදුන් බවත් පවසමින් මුහුදු ඛාදනයට ලක්ව නිවෙස් ගසාගෙන යාමට එරෙහිව විරෝධය දක්වමින් එම ප්රදේශවාසීහු දුම්රිය ගමනාගමනයට බාධා කොට විරෝතාවක නියැලුණහ. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයටද බලපෑම් එල්ල විය.
තත්ත්වය උණුසුම්වීමත් සමග අදාළ බලධාරීන් පැමිණ තත්ත්වය සංසිඳුවා, ලබන සඳුදා වනවිට ඊට පිළියම් දෙන බවට දුන් පොරොන්දුවත් සමග දුම්රිය පීළිවල වාඩි වී විරෝධතා දැක්වූ පිරිස් එම ස්ථානයෙන් නික්ම ගියහ.
මේ වනවිට වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ වී තිබේ